ශ්‍රී ලංකාවේ දිදුලන වෙළඳ සන්නාමයක් වන Diamond Milk අපට, දැයේ දරුවන් දියමන්තීන් තරම්ම වටියි. Diamond Milk, ‘We Create Diamonds’ යනු එම දියමන්තීන්වන් දරුවන් දැයට ඔප දමා තිලිණ කිරීමට අප ඇරඹූ මහා ක්‍රියාන්විතයයි.
Diamond Milk අප සාමාන්‍ය වෙළඳ ප්‍රචාරණ සම්ප්‍රදායෙන් මිදී මෙම මහඟු ක්‍රියාන්විතය යටතේ විවධ වූ අති සාර්ථක ව්‍යාපෘතීන් ඔස්සේ මහ පොළොව තුළ සැඟව ඇති දියමන්තීන් සොයා යන්නා සේම ශ්‍රී ලංකාවේ සිව්කොන සිසාරා උදව් අවැසි දරුවන් සොයා ගියෙමු.
‘Diamond Milk දිදුලන මෙහෙවර’
ගෙවුණු 2024 වසරේ දී අප ආයතනය විසින් දේශයට තිලිණ කළ ‘Diamond Milk දිදුලන මෙහෙවර’ එවන් එක් සාර්ථක මෙන් ම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ සුවිශේෂී ක්‍රියාන්විතයකි. අප මෙම ක්‍රියාන්විතය වෙනුවෙන්ම විශේෂිත අයදුම්පතක් මුද්‍රණය කළ අතර අප කණ්ඩායම රට පුරා ඇති ග්‍රාමීය වෙළඳසැල් වෙත එම අයදුම්පත් බෙදා හැරියේ සීනි, තේ කොළ වැනි මිලදී ගන්නා ද්‍රව්‍ය ඔතා දෙනු ලබන ගොටු සකසන කඩදාසි ලෙසටය. එලෙස අප ලද අයදුම් පත් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා සහ QR කේතය හරහා ලද ඩිජිටල් අයදුම්පත් පරීක්ෂා කරමින් අඩු ආදායම් ලාබී දරුවන් රැසකට 2025 වසරේ නව පාසල් වාරය වෙනුවෙන් පොත්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ තිලිණ කිරීමට Diamond Milk අපට හැකි විය. එමෙන්ම අපට හමු වූ ආර්ථික දුෂ්කරතාවන් ඉක්මවා ගිය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසකට ද ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් වූ සුවිශේෂී තිළිණයන් ද ලබා දීමට හැකි විය.
‘Diamond Milk කිරි සිහින’
දරුවන් රැකගැනීමට නිරතුරුවම වෙහෙසන Diamond Milk අප දරුවන් ලොවට බිහි කරනා මව්වරුන් වෙනුවෙන් මෙවර ලෝක මව්වරුන්ගේ දිනයේ නන්පෙරියල් වතුයාය වෙත ගමන් කළේ එම වතුයායේ පෝෂණ අවශ්‍යතාවන්ගෙන් පීඩා විඳින කිරි සිහින දකින ගැබිණි මව්වරුන් ඔවුන්ගේ ගැබිණි සමය අවසන් වන තෙක්ම පෝෂණයෙන් රැක බලා ගැනීමේ පොරොන්දුව හදවතේ දරාගෙනය. එම පොරොන්දුව එලෙසටම රැකගනිමින් සෑම මසකම ඔවුන්ට අවශ්‍ය පෝෂණය ඔවුන් වෙත අප ලබා දෙමින් සිටින්නෙමු.
‘Diamond Milk මිලියනක ආදරය’
දේශයටම නොමිලයේ කිරි බෙදාදෙන ‘Diamond Milk Farm House’ කිරි රථය හරහා මිලියනයක් මිනිසුන්ට නොමිලයේ කිරි කෝප්ප මිලියනයක් බෙදා දීමේ සතුටද අප විසින් සමරනු ලැබුවේ තවත් සුවිශේෂී වූ ආකාරයකටය. ඒ බෙදා දීමේ සිතුවිල්ලේ ඇති සතුට දස දහසකටත් අධික සමාජ මාධ්‍ය පරිශිලකයන්ට විඳගැනීමට අවස්ථාව ලබා දෙමිනි.
මෙහිදී අප දුෂ්කර පාසල් වෙනුවෙන් රුපියල් මිලියනයක් වෙන් කරමින් ‘Diamond Milk මිලියනයක ආදරය’ නමින් තවත් ජාතික මෙහෙවරක් Diamond Milk අප විසින් ආරම්භ කළෙමු. එහිදී ‘මිලියනක ආදරය’ පණිවුඩය සමාජ මාධ්‍ය හරහා ‘Share’ කරනා සෑම වාරයක් වෙනුවෙන්ම රුපියල් 200ක් අප විසින්ම එම අරමුදලට එකතු කරනු ලැබුවෙමු.
ඒ හරහා අපගේ ආරම්භක රුපියල් මිලියනයක අරමුදල රුපියල් මිලියන දෙකක් දක්වා රැගෙන යාමට දේශයේම සහාය ලබා ගත් අතර එම වැඩසටහනට සමගාමීව Facebook Comment ලෙස ශ්‍රී ලංකාවේ සිය ගණනින් දුෂ්කර පාසල් ගැන තොරතුරු රැස් කර ගනිමින් අපගේ රුපියල් මිලියන දෙකෙහි අරමුදල ඒ අතරින් තෝරාගත් දුෂ්කර පාසල් වෙනුවෙන් වැය කිරීමට මේ වනවිට Diamond Milk අප කටයුතු සුදානම් කරමින් සිටින්නෙමු.
මෙලෙසටම අනාගතයේදීත් දේශයට කිරි පෝෂණය මෙන්ම දියමන්තීන් වැනි දරුවන් ඔප දමමින් දැයට දායාද කරන්නටද Diamond Milk අපි ආදරයෙන් බලා සිටින්නෙමු.
